අප ගැන යමක්


DALA ආයතනය මෙරට තුළ ණය ලබාදීමේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා සමාගම් පනතේ 2007 අංක 07 (අංක:GA00244823) දරණ පනත යටතේ සීමා සහිත සමාගමක් ලෙස සංස්ථාපිත කරන ලදී. මේ වනවිට මුල්‍ය අවශ්‍යතාවයන් ඇති 750,000 වඩා වැඩි ශ්‍රී ලාංකික පිරිසකගේ පහසුකම් සපයනු වස් 400 වඩා වැඩි, සාමාජිකයින් පිරිසක් සේවයේ අප යොදවා ඇත.

මේ වනවිට ආයතන සමූහයක් වශයෙන් ක්‍රියත්මක වන DALA ශ්‍රී ලංකාවේ ඩිජිටල් ණය ලබාදෙන ආයතනය තිරසාර සංවර්ධනයක් උදෙසා ස්වයං-පාලක සහ සදාචාරාත්මක ව්‍යාපාර පිළිවෙත් අනුගමනය කරනු ලබයි. එමෙන්ම ඒ පිළිබඳ තොරතුරු අපගේ පහත සඳහන් චර්යාධර්ම සංග්‍රහය තුළින් මානව දක්වා ඇත.

 විධායක මඩුල්ල

Card image cap

Mikhail Pokotilo - Director - CASH-X

Card image cap

Anna Skichko - Country Manager - OnCredit

Card image cap

Ivan Streltsov - Director - Loan Plus

Card image cap

Igors Zemits - CEO - LoanMe

Card image cap

Artjoms Borcovs - Country Manager - Fino.lk

 ලේඛකාධිකාරීත්වය

Card image cap

Freddie C Daniel - President

 අපගේ සාමාජිකයන්

 සාමාජික ප්‍රතිලාබ


DALA සාමාජිකත්වය ක්ෂේත්‍රිය අත්දැකීම් බෙදා ගනිමින් සහෝදර සාමාජිකයින් සමඟ එක්ව කටයුතු කළහැකි ආර්ථික සංසදයකි. ශ්‍රී ලංකාවේ මාර්ගගත ක්‍රමවේදය යටතේ ණය ලබාදෙන ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින්, එහි අඛණ්ඩතාවය පවත්වාගැනීම සඳහා අප ආයතනය එහි සාමාජිකයින්ගේ මෙන්ම, රාජ්‍ය ආයතනයන්ගේ ද පොදු අරමුණු නියෝජනය කිරීම උදෙසා කටයුතු කරයි. තවද, නිතිපතා වෙළෙඳපොළ තොරතුරු යාවත්කාලීන කිරීම් මෙන්ම ක්ෂේත්‍රීය ගැටළු විසඳාගැනීමටත්, අන්‍යන්ට සහයෝගය ලබා ලබාදීම සඳහා වූ දැනුම් පද්ධතියක් ලෙසත් DALA ආයතනය ක්‍රියාත්මක වේ. මේ වනවිට වේගයෙන් පුළුල් වෙමින් පවතින Fintech ක්ෂේත්‍රයේ ගනුදෙනු කරන සාමාජිකයෙකු වශයෙන් හෝ හවුල්කාර ආයතන සංවිධානයක් ලෙස අපි ඔබව පිළිගනු ලබන්නෙමු. ශ්‍රී ලංකාවේ Fintech ක්ෂේත්‍රය තවත් වැඩි දියුණු කිරීම උදෙසා දැන්ම අප හා එක්වන්න.


ඔබ DALA ආයතනය සමඟ එක්වීමට කැමති නම්, info@dala.lkයන විද්‍යුත් ලිපිනය මගින් අප හා සම්බන්ධවන්න.

 චර්යාධර්ම සංග්‍රහය

 DALA ආයතනයේ චර්යාධර්ම සංග්‍රහය ශ්‍රී ලංකාවේ මාර්ගගත (Online) ණය ලබාදීමේ සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්විය හැක්කේ එය එහි සාමාජිකයන්ට ස්වයං-පාලක ප්ලැට්ෆෝමයක් සලසා දෙන නිසාවෙනි.
 ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය තේරුම් ගනිමින් එය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත්, මනා මඟපෙන්වීමක් සහිතව ශක්තිමත් පාරිභෝගික-කේන්ද්‍රීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමත් යන කරුණු අරමුණු කරගෙන DALA සාමාජිකයින් එකට එක්ව මෙම චර්යාධර්ම සංග්‍රහය නිර්මාණය කොට ඇත. මෙම චර්යාධර්ම සංග්‍රහය පවතින නීති සහ රෙගුලාසි වලට අනුකුලව ස්වයං-පාලනායක් වෙළඳ ක්ෂේත්‍රයට ගෙන ඒමට සමත්ව ඇත.
 DALA සාමාජිකයින් ලක් වාසීන්ගේ මෙන්ම මෙරට ආර්ථිකයේ උන්නතිය උදෙසා සාරධර්ම, සංස්කෘතිය, සහ පාරිභෝගික යහපැවැත්ම ආදි කරුණු නිරන්තරයෙන් වැඩි දියුණු කිරීමට දක්වන කැපවීම සහ මුලිකත්වය මෙම චර්යාධර්ම සංග්‍රහයෙන් මැනවින් විදහා දැක්වේ.
  පහත යොමුව භාවිතාකර චර්යාධර්ම සංග්‍රහය වෙත පිවිසිය හැක.