අපි කවුරුන්ද?


DALA (ඩිජිටල් විකල්ප ණය ලබාදීමේ සමාගම) 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලාභ-නොලබන අරමුණින් යුත් සමාගමක් ලෙස ලියාපදිංචි කොට ඇති අතර මෙරට මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින Fintech (ඩිගිටල් තාක්ෂණය මුල්කරගත් ආර්ථිකකරණය) ක්ෂේත්‍රයේ අප ආයතනය කැපී පෙනෙන භූමිකාවක් හොබවනු ලබයි. එමෙන්ම ඩිජිටල් ණය දීමේ ක්ෂේත්‍රයේ සේවා සපයන්නන්ට සිටින එකම ස්වයං-පාලක ආයතනය ලෙස DALA, අප ක්‍රියාත්මක වේ. DALA ඩිගිටල් ප්ලැට්ෆෝමය ශක්තිමත්ව පැවතීමට එහි සාමාජිකයින්, පාරිභෝගිකයින්, පාර්ශවකරුවන්, සහ අදාළ අධීක්ෂණ නිලධාරීන් අතර වඩා හොඳින් ගොඩනැගී ඇති සහයෝගිත්වය, විවෘතබව, සහ පාරදෘශ්‍ය අයුරින් කටයුතු කිරීමට ඇති හැකියාව ආදී කරුණු රැසක් ඉවහල් වී ඇත. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සාධාරණ හා සදාචාරාත්මක ව්‍යාපාර ප්‍රමිතීන්, ප්‍රතිපත්තීන්, සහ නීතී පිළිපැදීමට DALA අපි සැමවිටම ඇපකැප වී සිටිමු.
ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට සඳහා මූල්‍ය සහයෝගය අවශ්‍ය සැමවිටම එම සහය ලබාදීමට අපගේ සාමාජිකයින් කැප වී සිටින අතර, DALA ආයතනය දේශීය ආර්ථිකයේ තිරසාර සංවර්ධනයක් ඇතිකිරීම උදෙසා නිරතුරුවම දායක වේ. එමෙන්ම අපගේ සාමාජිකයින්ගේ පහසුව සහ කැමැත්ත සියලු ආකාරයෙන්ම නියෝජනය වන පරිදි DALA ඩිජිටල් ණය දීමේ ප්ලැට්ෆෝමය ගොඩනැගී ඇත.

 අරමුණු ප්‍රකාශය / අරමුණු


යහපත් ව්‍යාපාරික භාවිතයන් පෝෂණය කොට, සාමාජිකයින් අතර සමගිය පවත්වාගෙන, අදාල බලධාරීන් සමඟ හිතකර සබඳතා පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවේ Fintech කර්මාන්තයේ අඛණ්ඩව විශ්වාසය පවත්වාගැනීමත්, ඩිජිටල් ණය ලබාදීමේ කාර්යයේදී නිරන්තරවම මෙරට නීතිරීතීන්ට අනුකූලව, සදාචාරාත්මකව සහ අවංකභාවයෙන් යුතුව කටයුතු කිරීමටත් අප ඇපකැප වන්නෙමු.

 අපගේ සාමාජිකයන්